තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුර සේනානයකගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුර සේනානයකගෙන් කෝටි 50ක වන්දි ඉල්ලයි..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ජාතික පුවත්පතකට අසත්‍ය තොරතුරු ලබාදීමෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපහාසයක් සිදු කැර ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා නීතිඥවරියක මාර්ගයෙන් එන්තරවාසියක් ඊයේ (12) යවා තිබේ.

දින 21ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එමඟින් දන්වා තිබේ. දැනට බන්ධනාගාරගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හරහා ලැබෙන පරිදිය.


‘තාජුඩීන් මැරුවාද, හැප්පුවා ද, අනුර සේනානායක සියල්ල හෙළි කරයි’ යනුවෙන් ඉකුත් මැයි 19 වැනිදා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ සම්මුඛ සාකච්ඡාවක් සති අන්ත පුවත්පතක පළ වී ඇත. 


එහිදී අනුර සේනානායක මහතා තමා සම්බන්ධයෙන් කරන ලද බව කියන ප්‍රකාශ පදනම් විරහිත, අසත්‍ය සහ නිර්මාණය කරන ලද ඒවා බව මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා යවා ඇති එන්තරවාසියෙහි සඳහන් වේ. එමඟින් තම කීර්තිනාමයට විශාල හානියක් සිදු කැර ඇතැයි එම එන්තරවාසියෙහි සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad