බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහර හේතුවෙන් හෙට (25) අනිද්දා (26) සහ 27 වන සෙනසුරාදා බෙල්ලන්විල සහ ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය කියාසිටී.
ඒ අනුව හෙට රාත්‍රී 8.30ට ආරම්භ වන පාවඩ පෙරහැර මධ්‍යම රාත්‍රිය දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.
මාර්ග අංක 119 මහරගම - දෙහිවල මාර්ගය බොරලැස්ගමුව හංදිය දක්වා ගමනාගමනය සීමා කෙරෙන අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.
එමෙන්ම 26 වන දින රාත්‍රී 8.30ට ආරම්භ වන පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර හංදිය, පැපිලියාන විහාර මාවත හංදිය දක්වා ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
ලබන 27 වන දින රාත්‍රී 9.00ට ආරම්භ කෙරෙන පෙරහැර බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර, නැදිමාල, කීල්ස් හංදිය, සෝමරත්න මාවත, විහාර මාවත යන ප්‍රදේශවල වීදි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව බොරලැස්ගමුව හංදිය, අත්තිඩිය පාලම, නැදිමාල බෝගස අසල පැපිලියාන හංදිය දක්වා රථ වාහන ගමනාගමනය සීමා කිරීම සිදුවන බව සඳහන්ය.
එසේම එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Wednesday, August 24, 2016
බෙල්ලන්විල පෙරහර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment