ඇඹිලිපිටියේ නඩුව නොවැම්බර් 23ට කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ඇඹිලිපිටියේ නඩුව නොවැම්බර් 23ට කල් තබයි

ඇඹිලිපිටියේ නඩුව නොවැම්බර් 23ට කල් තබයි

ඇඹිලිපිටිය නව නගරයේ පැවති මල්වර උත්සවයක සිදු වූ ගැටුමක් අතරතුරදී පොලිස් පහරදීමකින් මියගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධ නඩු විභාගය ලබන නොවැම්බර් මස 23 වන දින දක්වා කල් තබා තිබේ.

ඒ, අද (24) එම නඩු විභාගය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාක් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාව සදහා මියගිය සුමිත් ප්‍රසන්න මහතගේ මව, වැඩි මහල් සහෝදරයා මෙන්ම බිරිදගේ පියා පැමිණ සිටියේය.

නඩුව ආරම්භයේදීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමලාල් මහතා අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් යොමු කරමින් කියාසිටියේ නඩුව සම්බන්ධව ඉදිරි කටයුතු සදහා නීතිපතිවරයාට රහස් පොලිස් පරික්ෂණ වාර්තාවේ පිටපතක් යවා ඇති බවත් ඒ සදහා තවමත් පිළිතුරු ලැබී නැති බවත්ය.

ඒ අනුව මෙම නඩු විභාගය නොවැම්බර් මස 23වන දිනට කල්තැබීය.

ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක

No comments:

Post a Comment

Post Bottom Ad