අම්බලන්ගොඩ ලක්ෂ 18 කොල්ලකරුවන් මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

අම්බලන්ගොඩ ලක්ෂ 18 කොල්ලකරුවන් මාට්ටු

අම්බලන්ගොඩ ලක්ෂ 18 කොල්ලකරුවන් මාට්ටු
සොරකමට ඔත්තුදී ඇත්තේ
ආරක්ෂාවට ගිය ඥාති පුතා


අම්බලන්ගොඩ නගරයේ රාජ්‍ය බැංකුවකින් දහඅට ලක්ස අසූ දහසක් මුදල් නෝට්ටු ලබාගෙන පුද්ගලික බැංකුවක ඒ සියල්ල තැන්පත් කරන්නට යමින් සිටි කාන්තාවකට මහ දවල් ප‍්‍රසිද්ධ ස්ථානයකදී පිහිය පෙන්වා එම සියලූ මුදල් කොල්ල කෑමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
ආරක්ෂාව සඳහා තම ඥාති පුතෙකුද කැටුව ගොස් ඇය
රාජ්‍ය බැංකුවෙන් මුදල් ලබාගත් පසු ඔහු සමග

ත‍්‍රීරෝද රථයකින් පුද්ගලික බැංකුව වෙත ගොස් එම බැංකුව අසළ පාර මාරුවෙද්දී යතුරු පැදියෙන් පැමිණි දෙදෙනෙකු පිහි පෙන්වා බියගන්වා ඇගේ මුදල් කොල්ලකා තිබුණා.

සිද්ධියෙන් පසු ඥාති පුත‍්‍රයාද සමග ඇය පොලිසියට ගිය අතර පොලිසියට ඥාති පුත‍්‍රයාගේ හැසිරීම් සැක ඇතිවී ඔහුගෙන් දීර්ඝ ප‍්‍රශ්න කිරීම් සිදු කර ඇත.

එම අවස්ථාවේ බියට පත්ව ඔහු ඇත්ත කියා ඇති අතර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට ඔත්තුව ලබාදුන් බවත් ඒ අනුව මිතුරන්ට මුදල් කොල්ල කෑමට එන්න කිව්වේ තමන් බවත් ඔහු පිළිගෙන ඇත. ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad