වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට - 10ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට - 10ක් රෝහලේ

වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට - 10ක් රෝහලේ

අද (27) අලූයම පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම අසළ දී වෑන් රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

අලුයම 2.20ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

එම ප්‍රහාරයෙන් තුව‍ාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අනතුරින් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad