'FCIDය වෙනුවෙන් වාට්ටුවක් වෙන් කරන්න වෙයි' - ජවිපෙ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

'FCIDය වෙනුවෙන් වාට්ටුවක් වෙන් කරන්න වෙයි' - ජවිපෙ (VIDEO)

'FCIDය වෙනුවෙන් වාට්ටුවක් වෙන් කරන්න වෙයි' - ජවිපෙ (VIDEO)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් ජාතික රෝහලේ වෙනම වාට්ටුවක් වෙන්කර තැබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂන පවත්වා අධිකරණයට ඉදිරිපත් කරන දේශපාලනඥයින් රෝහල් ගතවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," FCID එකෙන් පරීක්ෂණ කරලා  යම් යම් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ ඔවුන් හිටිගමන් රෝහල් ගත වෙනවා. මේ නුවර ඉඳන් කොළඹට පයින් එන්න ලෑස්තිවෙලා හිටපු අයත් ජාතික රෝහලට ඇතුළත් වෙනවා මහා බරපතල අසනීප කියලා.  

FCID එකෙන් මේ අය උසාවියට ඉදිරිපත් කළේ නැත්නම් නුවර ඉඳන් ගැටඹේ හන්දියට එනකොට පාද යාත්‍රා නෙවෙයි කාලක්‍රියා කරන්නත් ඉඩකඩ තිබ්බා" යි පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ, "මේ FCIDයෙන් අත්අඩංගුවට ගන්නේ බරපතල අසනීප තියෙන අය විතරමද? මෙහෙම ගියොත් ජාතික රෝහලේ FCIDය වෙනුවෙන් වාට්ටුවක් හදන්න වෙනවා" ලෙසයි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad