සාලාවට ගිය සුසිල්ට ජනතාවගෙන් විරෝධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

සාලාවට ගිය සුසිල්ට ජනතාවගෙන් විරෝධයක්

සාලාවට ගිය සුසිල්ට ජනතාවගෙන් විරෝධයක්
සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් අවතැන්වූ ජනතාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (22) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

එහිදී රැස්වීම සඳහා පැමිණි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් පළවිය. ඒ පිපිරීම සිදුවී මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන්ට හිමිවියයුතු වන්දි මුදල් නොලැබීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad