නැගෙනහිර මහ ඇමතිට එරෙහිව පොල් ගසයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

නැගෙනහිර මහ ඇමතිට එරෙහිව පොල් ගසයි (PHOTOS)

නැගෙනහිර මහ ඇමතිට එරෙහිව පොල් ගසයි (PHOTOS)
නැගෙනහිර මහ ඇමතිවරයා විසින් නාවික හමුදා නිළධාරීවරයෙකුට තර්ජනය කිරීම ඇතුළුව රණවිරුවන්ට සිදුවන අකටයුතුකම්වලට විරෝධය පළ කරමින් හික්කඩුව සීනිගම දේවාලය අසල දී රණවිරු දෙමාපියන්, බිරින්දෑවරුන් ඇතුළු පිරිසක් ඊයේ (01) උද්ඝෝෂණයක නිරතවී ඉන් අනතුරුව සීනිගම දේවාලය වෙත ගොස් පොල්ගසා දේව කන්නලව්වක් ද කර තිබේ.

ඊයේ (01) උදෑසන 11.00ට පමණ මෙම පිරිස සීනිගම දේවාලය අසලට රැස්වී ඒ ඉදිරිපිට හිඳිමින් උද්ඝෝෂණයේ නියැලී ඇත. මොවුන් උද්ඝෝෂණයේ නියැලෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ නැගෙනහිර මහ ඇමතිවරයා වහාම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් යුද්ධය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප වැඩි කරන ලෙසත් රණවිරු වැන්දඹු බිරින්දෑවරුන්ට ලබාදෙන සහන වැඩිකරන ලෙසත් ය.

මෙම පිරිස පැයක පමණ උද්ඝෝෂණයකින් පසුව සීනිගම දේවාලය වෙත ගොස් දේව කන්නලව්වක නිරත වී ඇති අතර එහිදී මහ ඇමතිවරයාට එරෙහිව පොල් ගැසීමක් ද සිදුකළ බව වාර්තා වේ.
දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇතුළු රණවිරුවන් හා රණවිරු බිරින්දෑවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප පහතින්....





ගාල්ල - ලලිත් චාමින්ද 

No comments:

Post a Comment

Post Bottom Ad