හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය ඉන්වරි වතුයායේ පිහිටි දෙමළ පාසලේ ගොඩනැගිල්ලක් මතට ඒ අසල තිබු විශාල ගසක් කඩා වැටීමෙන් එම පාසලේ ගොඩනැඟිල්ලට දැඩි අලාභ හානි සිදු වී තිබේ.
ඊයේ (22) රාත්‍රියේ සිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශය පුරා හමා යන දැඩි සුළඟත් සමඟ මෙම ගස කඩා වැටුණ බව එම විදුහලේ විදුහල්පති ඒ. බාලඅයියා මහතා ප්‍රකාශ කළේය.
මෙම ගස කඩාවැටීම නිසා එම ගොඩනැගිල්ල තුළ 1 වන ශ්‍රේණිය, 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය යන ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර එම පාසලේ පරිඝනක පද්ධතිය පවත්වාගෙන ගොස් ඇති කාමාරයට ද පරිගණක වලට ද දැඩි අලාභ හානි සිදුව තිබේ.
පවත්නා තත්ත්වය හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර පාසලට සිදුවු අලාභය මෙතෙක් තක්සේරුකර නොමැත. අනතුර පිළිබඳන නෝර්වුඩ් පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්....
හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment