ඇමති රාජිත සහ වෛද්‍ය සංගමය අතර සාකච්ඡා සාර්ථකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

ඇමති රාජිත සහ වෛද්‍ය සංගමය අතර සාකච්ඡා සාර්ථකයි

ඇමති රාජිත සහ වෛද්‍ය සංගමය අතර සාකච්ඡා සාර්ථකයි
පසුගියදා අර්බුදයක්ව තිබූ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව නැවත සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියාසිටියේ ඊයේ (01) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන් සමඟ පැයකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

ඒ අනුව අද (02) දිනයේ දී සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් එක්ව අදාළ ලැයිස්තුව යළි සකස් කරන බව වාර්තා වේ. කෙසේවෙතත් වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියේ අමාත්‍යංශය එකඟ වූ පරිදි කටයුතු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න බවයි.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලේඛනය සකස් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊට බලපෑම් සිදුකළ බව සඳහන් කරමින් පසුගිය 31වන අඟහරුවාදා දින රජයේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත විය.

No comments:

Post a Comment

Post Bottom Ad