කුරුණෑගල - නුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

කුරුණෑගල - නුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

කුරුණෑගල - නුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී
කුරුණෑගල - නුවර ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ බරිගම සහ අලදෙණිය ප්‍රදේශ අතර මාර්ගයේ කිලෝමීටර් 6 සහ 7 කණුව අතර ප්‍රදේශයේ මෙම ගිලා බැසීම සිදුව  ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ බරවාහන ධාවනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ඔහු කියාසිටියේ ය.
පොලීසිය විසින් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සඳහන් කරන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒ අනුව එම මාර්ගය භාවිත කිරීමේ දී විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර ගිං ගඟ පිටාර ගැලීමෙන් බද්දේගම සහ වැලිපිටය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල මාර්ග කිහිපයකන් ජලයෙන් යට වී තිබේ.
ඊයේ (01) පස්වරුවේ සිට මෙම ජල ගැලීම් තත්ත්වය වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
බද්දේගම, උඩුගම මාර්ගය මහම්බාන ප්‍රදේශයෙන් යටවී ඇති අතර බද්දේගම, ගාල්ල, වක්වැල්ල මාර්ගය ගනේගම ප්‍රදේශයෙන් යටවී තිබේ.
එම ප්‍රදේශ වල පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අද (02) උදෑසන වන විට ගිං ගඟේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad