ඇඹිලිපිටිය හිටපු ASP ඇප මත මුදාහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

ඇඹිලිපිටිය හිටපු ASP ඇප මත මුදාහරී

ඇඹිලිපිටිය හිටපු ASP ඇප මත මුදාහරී
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා අද (02) දින ඇප මත මුදා හැර තිබේ.

රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප 02ක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මොහුව මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහ අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. පසුගිය ජනවාරි මාසයේ දී ඇඹිලිපිටිය නගරයේ පදිංචිව සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad