හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලට අත පෙවීම නිසා ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට දෙදරා ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (27) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය. එම දෙදරා යාම කෙසේද යත් කිරුළපන මැයි රැළියට හැර වෙනත් රැළියට නොයන බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකක්කාර මහතා රට හැර කියුබාවට ගොස් ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට වගකිව යුත්තා බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය. ඒ බව දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා පිරිස හා නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ කියා ඇතැයිද එම වාතාවරණය යටතේ බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවීම නිසා බොහෝ දෙනෙකු ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයිද ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.
පක්ෂය කැඩුණොත් යූඑන්පිය ශක්තිමත් වන බව බැසිල් දන්නා බවත්, එසේ වුවද බැසිල් බබාට අවශ්‍ය වී ඇත්තේ පක්ෂය කැඩීමට යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න..
Thursday, April 28, 2016
බැසිල් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරයි: වාසුදේව රට යයි (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment