වංචා, දුෂණ විමර්ශන අවසන් - පාර්ලිමේන්තුවේ ප්‍රමාදයක් ඇතැයි විගණකාධිපති හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

වංචා, දුෂණ විමර්ශන අවසන් - පාර්ලිමේන්තුවේ ප්‍රමාදයක් ඇතැයි විගණකාධිපති හෙළි කරයි (VIDEO)

වංචා, දුෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කර ඊට අදාළ වාර්තා රැසක් පාර්ලිමේන්තුවට ලබාදී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. 

මහනුවරදී අද (23) අස්ගිරි - මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමෙන් පසු ඉදිරි පියවර ගැනීමේ දී යම් ගැටලූ පැවතුණු බවයි. 

නව රජයේ වංචා, දුෂණ සිද්ධීන් පිළිබදව පරීක්ෂා නොකරන බවට විගණකාධිපති දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් කරුණු විමසූ අතර එහිදී පිලිතුරු දුන් හෙතෙම සඳහන් කළේ විගනකාධිපති දෙපාර්තමේන්තුවට රජය කුමක්ද යන්න ගැටලූවක් නොවන බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad