රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙක් සාක්ෂි වසන් කිරීමට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චම්පික පෙරේරාට උපදෙස් දුන් බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
චම්පික පෙරේරා මහතා තාජුදීන්ගේ ළඟම නෑයකු කැඳවාගෙන එම උසස් නිලධාරියා ළඟට ගොස් ඇති බවත් මෙය රිය අනතුරක් බව එම නිලධාරියා කියා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තාජුදීන් ඝාතන සාක්ෂි වසන් කිරීමට නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට උපදෙස් දෙන්නට නම් එම අපරාධය කළ පුද්ගලයා කවුරුන්දැයි එම පොලිස් ප්‍රධානියා දැනුවත්ව ඉන්නට ඇති බව ද පොලිසිය සැක කරයි.

No comments:
Post a Comment