ඇතැම් අඩුපාඩුවලට තමා ද වගකිවයුතු බව බැසිල් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

ඇතැම් අඩුපාඩුවලට තමා ද වගකිවයුතු බව බැසිල් කියයි (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තම පාක්ෂිකයින්ට කොතෙක් තර්ජන ගර්ජන ආවද මහින්ද රාජපක්ෂ මහතා කිරුළපන මැයි රැලියට සහභාගී වන බව බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (27) බෙන්තර පැවති ජන හමුවක දී පැවසීය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා “ අපේ අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕන. සමහර අඩුපාඩු ගැන කිව්වාම අපිත් ඒවට වග කියන්න ඕන” යනුවෙන් ද පැවසීය.

අවසානයේ ඒ මහතා කියාසිටියේ කුමන තර්ජන බලවේග ක්‍රියාත්මක වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිරුළපන මැයි රැලියට එන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එයට සහභාගී වන නිසා සියලුම ජනතාවට කිරුළපන මැයි රැලියට සහභාගී වන මෙන් තමන් ඉල්ලා සිටින බවත් ය.

වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad