අස්ගිරි මහාවිහාර පාර්ශවය සඳහා අනුනායක හිමිනමක් තෝරා පත් ගැනිම දින නියමයක් නොමැතිව කල් දැමිමට අස්ගිරි පාර්ශවිය විංසත්වර්ගික කාරක සංඝ සභාව ඊයේ (27) තිරණය කර තිබේ.
වරකාගොඩ ඥානරතන අස්ගිරි මහානායක හිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඊයේ පස්වරු 3.00 ට මංගල උපෝසථාගාරයේදී රැස්වූ අතර වෙසක් මස ළඟා වන බැවින් අස්ගිරි මහා විහාරය සතුව විශාල කාර්යභාරයක් ඇති බවත් අස්ගිරි මහානායක හිමියන් හට අක්තපත්‍ර ප්‍රධානය කිරිමේ රාජ්‍ය උත්සවය ලබන මැයි 17 වැනිදා පැවැත්වෙන බැවින් ඒ සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කළ බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන්කළේය.
අනුනායක පදවිය පත්කිරිම මසක් හෝ දෙකක් කල් යා හැකි බවත් හෙළ රජ දවස සිට පැවැත්වෙන උපසම්පදා පුණ්‍ය කර්ම කටයුතු පැවැත්විය යුතු බැවින් අනුනායක පදවිය පත්කිරිම කල් දැමු බවත් ධම්මදස්සි හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.
අනුනායක පදවිය සදහා අපේක්ෂාවෙන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි සහ මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත යන හිමිවරු ඉදිරිපත් වී සිටියහ.
Thursday, April 28, 2016
අස්ගිරි අනුනායක තේරීම කල්යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment