හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිද්ධීන් දෙකකට අදාළව නාවික හමුදාව පවත්වමින් තිබූ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා තිබේ.
CSN රූපවාහිනී නාලිකාව හා සම්බන්ධව අදාළව තවත් චෝදනාවක් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය හමුවේ පැවැත්වෙන බැවින් එම නඩුව අවසන් වන තෙක් මෙම චෝදනාවලට අදාළ පරීක්ෂණ පැවැත්වීම මෙසේ නවතා ඇත.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයේ සිටි කාලයේදී නාවික හමුදාපතිවරයාගේ අවසරයකින් තොරව අවස්ථා ගණනාවකදීම තම අභිමතය පරිදි විදෙස් සංචාරවල යෙදීම සහ රජයේ මූල්‍ය සම්පත්වලින් විදෙස් පාඨමාලා සඳහා මුදල් යෙදවීම යන චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම චෝදනාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන් කිහිප දෙනකුට එරෙහිව මෙම පරීක්ෂණ සිදු කෙරෙමින් තිබුණු අතර කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් CSN නාලිකාව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමෙන් පසු නාවික හමුදාව මඟින් සිදු කරමින් පැවැති එම පරීක්ෂණ මෙසේ නැවැත්වීමට නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ ඊට අදාළව සිදු කෙරුණ සාකච්ඡාවලින් අනතුරව යි.
මෙම චෝදනාවලට අදාළ පරීක්ෂණ යළි ආරම්භ කෙරෙන්නේ දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු තීන්දුවලින් පසුව බව නාවික හමුදා ආරංචි මාර්ග පවසන අතර කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාව සම්බන්ධයෙන් සේවය තහනම් කර තිබීම සහ කඳවුරුවලට ඇතුල්වීම තහනම් කිරීම ආදිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.
Thursday, April 28, 2016
යෝෂිතට එරෙහි පරීක්ෂණ නාවික හමුදාවෙන් නවත්වයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment