පැහැරගත් කත රථයෙන් පැන බේරුණු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

පැහැරගත් කත රථයෙන් පැන බේරුණු හැටි (VIDEO)

බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයක රැගෙන යමින් සිටි කාන්තාවක් ගාල්ල නාගොඩ පොලිස් වසමේ තල්ගස්වල ප්‍රදේශයේදී ඉන් ඉවතට පැන බේරුණු බව වාර්තා වේ.

මාපලගම ගෝනලගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයට ගොඩවී ඇති මෙම කාන්තාව තමා බසින අදාළ ස්ථානය ද පසුකර නොනවත්වා ගෙන ගොස් ඇති අතර කිලෝ මීටර් 03ක් පමණ දුරක් යමින් සිටියදී ඇය ඉන් ඉවතට පැන තිබේ. 

තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව 30 වැනි වියේ පසුවන්නියක් බවත්  ත්‍රීරෝද රථයෙන් පැනීම නිසා සුළු තුවාල ලැබූ නිසා නාගොඩ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.

ත්‍රිරෝද රථයෙන් කාන්තාව පනින ආකාරය අසළ අවන්හලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී ඇති අතර CCTV දර්ශන අනුව නාගොඩ ප්‍රදේශයේ සිද්ධියට අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad