නැකතක් නිසා 'මහින්දට' යළි වරදියි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

නැකතක් නිසා 'මහින්දට' යළි වරදියි (VIDEO)

පසුගිය කාලසීමාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු නැකැත් වැරදි බව ජ්‍යොතිර්වේදී ඩබ්ලිව්.ඒ.ඩී.ඒ. වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර අවුරුදු නැකැත් පිළිබඳව විවිධ පාර්ශවවලින් එල්ල වන චෝදනා පිළිබඳව පිළිතුරු ලබාදීමට රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. 

මෙවර නව වසරේ හිසතෙල් ගෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ නැකතද වැරදි බවත් විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයාට වයඹ දිශාව ලබා දී තිබුණද එය ජ්‍යොතිෂයට අනුව අනු දිශාවක් ලෙස නොගන්නා බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එම නැකත යෙදී තිබූ සෙනසුරාදා දින වයඹ දිශාවේ බහිරවයා සිටින බැවින් නැකතක් නොගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. එහිදී නැකැත් කමිටුව නියෝජනය කළ ජ්‍යොතිර්වේදීන් ප්‍රකාශ කළේ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත වැරදි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad