ශ‍්‍රී ලංකාවෙන් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රත්රන් විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරම මැඬලීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ.
ඒ මහතා මේ බව ප්‍රකාශකළේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්කළේ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන්, ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් ප‍්‍රධානීන්, නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප‍්‍රධානීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ රත‍්‍රං ජාවාරම්කරුවන් විසින් රටින් පිට කිරීමට රත‍්රන් වැඩි වශයෙන් මිලදී ගනු ලබන්නේ බැංකුවල වෙන්දේසිවලින් වන නිසා මෙම ජාවාරම මැඬලීමට කඩිනමින් සහ සංවිධානාත්මකව ක‍්‍රියාමාර්ග ගැනීම වැදගත් වන බවයි.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment