අලින්ට උගුලක් ලෙස තබන හක්කපටස් එකක් මුඛය තුළ පුපුරා යාමෙන් සේරුනුවර සෝමපුර ප‍්‍රදේශයේ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
සේරුනුවර සෝමපුර 16 කොටසේ පදිංචි ඊ. වී. අරුණ කුමාර නමැති පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
මීට දින කිහිපයකට ඉහත දී ඔහු මිතුරෙකු සමග පාපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් වන අලි ප්‍රහාරයකට ලක් ව තිබේ.
එම ප‍්‍රහාරයෙන් ඔහුගේ මිතුරා මියගොස් ඇති අතර ඉන් ඔහු දැඩි සිත්තැවුලෙන් හිඳ ඇතැයි වාර්තා වේ. සිය මිතුරා මියයාම පිළිබඳ දැඩි සිත් තැවුලෙන් පසු වූ එම පුද්ගලයා හක්කපටස් එකක් මුඛය තුළ පුපුරුවාගෙන සිය දිවිහානි කර ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

No comments:
Post a Comment