පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පුදුම කරවමින් සිය ආදරණීය සැමියාවන හිරාන් යට්ටෝවිට මහතා අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබෙනවා.
දෙහිවල, අත්තිඩිය’සහන උයන’ වැඩිහිටි නිවාසයේ දී තමයි මේ අවුරුදු උත්සවය පවත්වලා තිබෙන්නේ.
“අද මාගේ ජීවිතේටම ලැබිච්ච හොඳම අවුරුදු තෑග්ග ලැබුනා. ඒ මගෙ ආදරනීය සැමියාගෙන්. පසුගිය සති කීපයම මටත් හොරෙන් මගෙ කාර්ය මණ්ඩලයත් සමග වැඩිහිටි අම්මලා, තාත්තලා වෙනුවෙන් අවුරුදු උත්සවයක් සංවිධානය කරලා.
මං ඒ ස්ථානයට යනකම්ම දැනන් හිටියේ නෑ. ඇත්තට අපි අවුරුදු සමරනකොට වැඩිහිටි නිවාසවල, ළමා නිවාසවල කාත් කවුරුවත් නැතිව තනිවෙලා ඉන්න උදවිය ගැන මොහොතකට මතක් කරලා ඔවුන් වෙනුවෙන් මොනාහරි කරන්න පුලුවන් නම්, ඒ අවුරුද්ද අපටඅමතක නොවෙන අවුරුද්දක් වෙනවා වගේම හැමදාම ඔවුන් අපිව මතක් කරලා පිං දේවි. මගේ මුළු අවුරුද්දම ලස්සන කලාට ‘හිරාන්’ ඔයාට ගොඩාක් ස්තූතියි!”
මේ හිරුණිකා තමා ලැබූ අත්දැකීම පිළිබඳ සිය Facebook පිටුවේ පළ කළ ආකාරයයි.
එම අවුරුදු උත්සවයේ දී ලබාගත් ඡායාරූප පහතින්,
Wednesday, April 20, 2016
හිරාන් හිරුණිකාව පුදුම කරපු හැටි (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment