කොළඹ විදුලි විසන්දි වීමෙන් සෝපානයේ තරුණියක් හිරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

කොළඹ විදුලි විසන්දි වීමෙන් සෝපානයේ තරුණියක් හිරවෙයි

කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටීමත් සමග දුම්රිය නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සිටි තරුණියක අතරමග හිරවී මිනිත්තු 45කට පමණ පසුව බේරාගත් බව කොළඹ ගිනි නිවන හමුදාව පවසයි.

තරුණිය විදුලි සෝපානයේ හිරවූ බවට පණිවිඩය ලැබී මිනිත්තු 5කින් එහි ගොස් ඇගේ ජීවිතය බේරාගත් බව ගිනි නිවන හමුදාව සඳහන් කරයි.
අධි පීඩන හයිඩ්‍රොලික් යන්ත්‍ර යොදා සෝපානය කැඩීමටද සිදුවූ බව එම නිලධාරීන් පැවසී ය.

තරුණිය සෝපානයේ හිරවූ බව ඇගේ ජංගම දුරකථනයෙන් මවට දන්වා ඇතත් මව ගිනි නිවන හමුදාවට හෝ පොලිසියට නොදැන්වීම නිසා ඇය බේරාගැනීම පමාවී යැයි ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad