ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක් ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස් ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස් තවදුරටත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත.
මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක් පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත. ටැමිල්ස් ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස් හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)
Tuesday, April 19, 2016
බ්‍රිතාන්‍යයේ පක්ෂයක් ලංකාව දෙකඩ කරන බව කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment