බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට බෙන්තර - ඇල්පිටිය සම ආසන සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුන් පත් කර ඇත.
නිදහස් පක්ෂ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම් ලිපි ලබා දී ඇත. කිරුලපන පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට පුළුල් ප්‍රචාරයක් දෙමින්, එම රැලියට සහභාගී වන ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය ගාලු දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවා තිබිණි.
එම රැලිය සංවිධානය කරන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග ගාල්ලේ පැවති රැස්වීම් කිහිපයකට යමින් ගීතා කුමාරසිංහ මහත්මිය ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කිරීම හේතුවෙන් සිය සංවිධායක තනතුර අහිමි වී ඇතැයි වාර්තා වේ.
Thursday, April 28, 2016
මහින්ද පිලේ සිටි ගීතාට ශ්‍රීලනිප තනතුර අහිමිවෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment