ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ඒ අනුව ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කෙරිණි.
හිරියාල ආසන සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා සහ බුද්ධික ඉද්දමල්ගොඩ ද, කළුතර සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ ද, කෑගල්ල සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න ද පත් කර තිබේ.
බෙන්තර - ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුද පත්ව සිටිති.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Thursday, April 28, 2016
ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු 11ක් - ජේ.ආර්ගේ මුණුපුරෙකුටත් තනතුරක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment