ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට එන හේතුව මහින්දම කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට එන හේතුව මහින්දම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී නොවී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගීවීමට තීරණය කළ හේතුව හිටපු ජනාධිපති, කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින්‍ පවසා තිබෙනවා.

ඒ ඔහුට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලියට සහභාගි වීමට විධිමත් ආරාධනයක්‌ නොලැබීම බවයි පවසා ඇත්තේ. තමාට සදාචාර සම්පන්න ලෙසත් ඉතාම විධිමත් ලෙසත් ආරාධනයක්‌ ලැබුණු ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියට තමා නිසැකවම සහභාගි වන බව මහනුවරදී අවධාරණය කර තිබෙනවා..

කිසියම් කටයුත්තකට ආරාධනයක්‌ කරන සදාචාරාත්මක පිළිවෙතක්‌ තිබෙන බව එහිදී පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා තමා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයකු වන නමුත් එක්‌සත් ජාතික පක්‍ෂය සමග එක්‌ වූ පිරිසක්‌ සංවිධානය කරන මැයි රැලියකට ආරාධනයක්‌ ලැබුණත් සහභාගි නොවන බවද අවධාරණය කර තිබෙනවා.
 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පවත්වන මැයි දින රැලියට සහභාගි වන ලෙස දන්වා හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (18 දා) පෙරවරුවේ ආරාධනා පත්‍රයක්‌ යවා ඇතැයිද වාර්තා වනවා.

ෆැක්‌ස්‌ මගින් යෑවූ මෙම ආරාධනා පත්‍රය ලියාපදිංචි තැපෑලෙන්ද මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad