සිංහල හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ ද ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
ඒ අනුව අද පස්වරු 07.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පසුදින අලුයම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත ය.
එසේම හෙට (20) බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 08.30ට එදින පස්වරු 04.57ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ. තව ද හෙට දින ම විශේෂ දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.30ට පිටත්වීමට නියමිත අතර එය පස්වරු 08.08 වන විට මහනුවර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.
21 වැනි දා ද මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.50 පිටත්වන දුම්රිය පෙරවරු 08.36 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිත ය.

No comments:
Post a Comment