ටියුබ් බල්බ් කන්න ගිය පාසල් සිසුවා රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

ටියුබ් බල්බ් කන්න ගිය පාසල් සිසුවා රෝහලේ

අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති සන්දර්ශනයක් අතරතුර නරඹන්නන් විමතියට පත් කිරීම සඳහා පුද්ගලයෙකු ටියුබ් ලයිටයක් ආහාරයට ගෙන පෙන්වා තිබීම නිසා එම පුද්ගලයා අනුකරණය කරන්නට ගිය වයස 13 ක පාසල් සිසුවෙකු නිවසේදී අනතුරට පත්වීමේ සිද්ධියක් මාරගහවැව ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නොච්චියාගම, තම්මැන්නාව ප‍්‍රදේශයේ ක‍්‍රීඩා පිටියක
මීට සතියකට පමණ ඉහතදී සංගීත දර්ශනයක් සමඟ ත‍්‍රාසජනක සැන්ඩෝ දර්ශනයක් පැවති බවත් එහිදී පුද්ගලයෙකු පිරිස ඉදිරියේ ටියුබ් බල්බයක් කාදමා පෙන්වා ඇති බවත් වාර්තා වන අතර කෙසේ නමුත් මෙම ක‍්‍රියාව අත්හදා නොබලන ලෙස එම අවස්ථාවේ නිවේදයකද් කර තිබුණි. 


බාලවයස්කාර පාසල් සිසුවා සිය මිතුරන්ට පවසා ඇත්තේ තමන්ටද එය කළ හැකි බවයි. ඔහු තම මිතුරන් කිහිප දෙනකු එක්කාසු කර ගෙන නිවසට ගෙන්වාගෙන ටියුබ් බල්බයක් ගෙනවිත් සැන්ඩෝට පුළුවන් නම් මට බැරි ඇයි කියමින් විදුලි බුබුල මිතුරන් ඉදිරියේදී කා දමන්නට පසුගියදා උත්සාහ කළ අවස්ථාවේ එහි වීදුරු කටු ශරීරගත වීමෙන් රෝගී තත්ත්වයට පත්වී  ඇත.

වහාම නිවැසියන් ඔහුව ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ සිරුරේ අභ්‍යන්තරයේ වීදුරු කටු නිසා හානි සිදුව ඇතැයිද වීදුරු කටු ඉවත් කිරීමට ශල්‍යකර්මයක් කිරීමට සිදුවන බවද රෝහල් බලධාරීන් දන්වා ඇත. මෙසේ රෝහල්ගත කර ඇත්තේ රාජාංගනය යාය 16 පහළ මාරගහවැව පදිංචි වයස අවුරුදු 13 ක පාසල් සිසුවෙකි. වෛද්‍යවරුන් දරුවා එක්ස් කිරණ පරික්ෂාවකට ලක් කළ අවස්ථාවේ ඔහුගේ උදරයේ ටියුබ් බල්බයේ කොටස් තිබෙන බව එක්ස් කිරණ වාර්තාවෙන් හමුවුණ බවද කියැවුණා.

No comments:

Post a Comment

Post Bottom Ad