සහෝදර මාධ්‍ය ආයතනයක විකාශන කටයුතුවලට තාක්ෂණික ලෙස බාධා සිදුකරමින් සිය විකාශන කටයුතු පවත්වාගෙන යන තවත් මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් දැඩිව කි‍්‍රයාත්මක විය හැකි පරිදි විදුලි සංදේශ පනත ශක්තිමත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද (27) පෙරවරුවේ මෙරට ජනමාධ්‍ය ප‍්‍රධානීන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සිය විකාශන කටයුතුවලට බාධා සිදුවන පරිදි විකාශන කටයුතු කරන වෙනත් නාලිකා පිළිබඳ බොහෝ පැමිණිලි ලැබී ඇති බවයි.
එවැනි අවස්ථාවල එම බාධා සිදුකරන නාලිකාවලට ඔවුන්ගේ තාක්ෂණික කි‍්‍රයාවලිය නිවැරදි කරගන්නැයි උපදෙස් ලබාදුන් බවද ජනාධිපතිවරයා කියා සිටියා. ඇතැම් මාධ්‍ය එය වාර්තා කළේ, ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බවටයි. නමුත් ආණ්ඩුව කිසිදු අවස්ථාවක මාධ්‍ය නිදහසට අත නොතබන බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ කියා සිටියා.
මේ අතර රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත ළඟ තබාගෙන ඒවා භාවිතා නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද ඉදිරියේදී කි‍්‍රයාමාර්ග ගන්නා බව මීට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසා සිටියා. ඊට පිළිතුරු දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කළේ මීට අදාළ ගැටළු රැසක් හඳුනාගෙන ඇති බවයි.
භාවිතා නොකරන සංඛ්‍යාත බලපත‍්‍ර සන්තකයේ තබාගැනීම වරදක් සහ අසාධාරණ කි‍්‍රයාවක් බවයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Wednesday, April 27, 2016

භාවිතා නොකරන සංඛ්‍යාත රජයට පවරා ගැනීමට කෙටුම්පත් සැකසෙයි
Tags
# ප‍්‍රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප‍්‍රවෘත්ති
Labels:
ප‍්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment