ගුවන් යානයකට සේවකයන් 5000 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

ගුවන් යානයකට සේවකයන් 5000 ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට නම් පෞද්ගලික ආයෝජකයෙකු අවශ්‍යම තත්ත්වයකට එය පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නව ආණ්ඩුව බලයට පත්වෙන විට රුපියල් කෝටි දෙසියපහළවක අති සුඛෝපභෝගි යානාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පෞද්ගලික පරිහරනය සඳහා ඇනවුම් කර තිබූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අද (27) පෙරවරුවේ මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එම සුඛෝපභෝගි ගුවන් යානය වහාම අවලංගු කළ වර්තමාන ආණ්ඩුව එම මුදල ගුවන් යානා නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් එම ගුවන් සේවය මේ වන විට ඉතාමත් අසීරු අඩියකට වැටී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකන් සමාගම සතුව ගුවන් යානා 21 ක් ඇතත් ඒවා කිසිවක අයිතිය මෙරටට නැහැ.

ගුවන් සමාගමේ සේවකයන් ප්‍රමාණය සැළකිල්ලට ගතහොත් එක ගුවන් යානයකට කාර්යමණ්ඩල සේවකයන් 5000 ක් පමණ සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ තත්ත්වයද ඒ හා සමාන බව කියා සිටි ජනාධිපිතිවරයා අප රට සතුව බස් රථ 5000 ක් පමණ ඇති අතර සාමාන්‍යයෙන් එක් බස් රථයක් සඳහා සේවකයන් 18 දෙනෙකු පමණ වන ආකාරයට සේවකයන් සිටින බව පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad