විදුලි සංදේශ පනත සංශෝධනයට පියවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

විදුලි සංදේශ පනත සංශෝධනයට පියවර

විදුලි සංදේශ පනත පිළිබඳ ඇතැම් මාධ්‍ය ආයතන වැටහීමකින් තොරව කටයුතු කරන බව පෙනී යන බවත් එම පනත පිළිබඳ අධිකරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමටත් පනතේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ (19) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසී ය. 

එමෙන්ම ජපන් තාක්ෂණයට අනුව රූපවාහිනි ඩිජිටල් කිරීමේ ක‍්‍රියාවලිය සිදු කෙරෙන බවත් ඊට ගැලපෙන පරිදි විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සහ දැනට පවතින බලපත‍්‍ර යාවත්කාලීන කිරීම පිළිබඳව ද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad