පළාත් පාලන ආයතනවල වර්තමාන කාර්යය භාරය සහ අභියෝග යන මැයෙන් එක්දින වැඩමුළුවක් සංවිධානය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වැඩමුළුවේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරු 08.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර අදාළ වැඩමුළුව සඳහා පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්රු, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් පාලන කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහභාගී වන බව වාර්තා වේ.
2016 වසරේ දී ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි කාලයේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:
Post a Comment