පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ගාල්ලේ දී පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනීමැරුම් 04කට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇත.
ඔහු 'කොස්ගොඩ සුජියා' නැමති අපරාධ කල්ලිනායකයාගේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති අතර එල්.ටි.ටි. සංවිධානයේ සාමාජිකයෙකු ලෙස පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයෙක් බව වාර්තා වේ.
එම පුද්ගලයා 2015 සැප්තැම්බර් මාසයේ දී ජම්පටා විදිය කොළඹ 13 සෙල්ලයාවත්ත ලිපිනයේ පදිංචි සිටි 'කුඩු සෙල්වි' නමැති කාන්තාව පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2016.02.16 වැනි දා බලපිටිය අධිකරණය ඉදිරිපිට දී කනත්ත ආරච්චිගේ පියරත්න, සහ රසික චමින්ද කුමාර යන දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම යන ඝාතනවලට සැකකරු සම්බන්ධ බව පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.
එසේ ම 2016.04.11 වැනි දා ඌරගස්මංහන්දිය පොලිස් වසමේ මීගස්පිටිය ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙකු හා එක් ව පුද්ගලයකු ඝාතනය කිරීමට ද මොහු සම්බන්ධ බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.
ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු (කිෂාන්) නමැති මෙම සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකි. චාලස් ඇත්තනි බලකායේ සමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති සැකකරු කොළඹ 13 ජම්පටා යන ලිපිනයේ පදිංචි අයෙකි.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්. ධර්මප්‍රිය, ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා ඉකුත් 17 වැනි දා ගාල්ල දෙවට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබී ය.
ඔහු ළඟ තිබි චීනයේ නිෂ්ෂාදිත නොරින්කෝ සමාගමට අයත් මි.මි. 09 වර්ගයේ නිකල් පැහැති පිස්තෝලයක් උණ්ඩ 08ක්, මැගසින් එකක් හා ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී ඇත.
ගාල්ල - ලලිත් චාමින්ද

No comments:
Post a Comment