බැසිල් ගාල්ලට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 24, 2016

බැසිල් ගාල්ලට 

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 33ක්  හිමිව තිබෙන බවත් ඉන් සන්ධානයේ මන්ත්‍රීවරු 27 දෙනෙකු   ‍ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සදහා ස්ථිරවම සහභාගිවන බවත් දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි.

ඊයේ (23) පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රී සංසදයේ රැස්වීමෙන් පසු ගාල්ල, කච්චුවත්ත විහාරස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකදි උප සභාපතිවරයා මේ බව සදහන් කළේය. 

25 හා 26 යන දෙදින තුල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.පක්ෂ ක්‍රියාකිරින් දැනුවත් කිරීමට ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් නියෝජනය වන පරිදි රැස්විම මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. 

හෙතෙම මෙසේද කීවේය.

“ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයට සහභාගිවන ආකාර පිළිබද සාකච්ඡා කිරිම සදහා මන්ත්‍රී සංසදය රැස්වුනා. සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් ප්‍රේමරත්න, දොස්තර රමේෂ් පතිරණ හා මොහාන් පී ද සිල්වා යන මන්ත්‍රීවරුනුත් මේ සදහා සහභාගි වුණා. ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් බස් රථ සියයක් රැගෙන යාමට සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා. 

මිට අමතරව 25 හා 26 යන දෙදින තුල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබද ශ්‍රී.ල.නි.පක්ෂ ක්‍රියාකිරින් දැනුවත් කිරිමට ගාල්ල දිස්ත්‍රික්කයේ  සෑම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් නියෝජනය වන පරිදි රැස්විම මාලාවක් පැවැත්වීමට සංවිධානය කරලා තියෙනවා.

දැන් අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකවරු අණ කරනවා ගාල්ලේ පැවැත්වෙන මැයි රැළියට එන්න කියලා. අපි ඒ අයට කියන්න කැමතියි තුනෙන් දෙකේ බලයක් තිබුණු සන්ධාන ආණ්ඩුව කුමන්ත්‍රණකාරි ලෙස කඩා බිද දැමිමට කටයුතු කරලා යු.එන්.පි ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා හා පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානයක කියලා. ඒ විතරක් නෙවෙයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහනය කිරීමට තිබුනා. 

ලියුම් ලියලා මාධ්‍යයට ප්‍රකාශ කරලා පක්ෂය පරාජය කළේ කවුද? පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ටික පරාජය වු බත්බැලයන්ට දිලා පක්ෂය විනාශ කළේ කවුද? ලක්ෂමන් කිරිඇල්ල අපට කියනවා ගාල්ලට යන්න කියලා. ඕන ගොනෙකුට කියන්න පුළුවන් මේ ගාල්ලේ කුඹුරු වැඩ කරන කාලේ. අප කුඹුරුවල වතුර බැදලා තියන්නම් යන ගමන් හාලා යන්න කියලා ගාල්ලට එන සියලු දෙනාට අපි කියනවා. හදවතේ මැයි රැළියට .තමයි අපි යන්නේ.“

ගාල්ල - ලලිත් චාමින්ද 

No comments:

Post a Comment

Post Bottom Ad