ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා ඊයේ(23) ශ්‍රීලනිපයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේ වේදිකාවට ගොඩවිය.
එම රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා පරිහරණය කළැයි චෝදනා ලැබ කලක් රිමාන්ඩ් කර සිටි ඒ මහතා මේවන විට ඇප මත නිදහස්ව සිටියි. අම්බලන්ගොඩ ආසනබල මණ්ඩල රැස්වීමට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වූ අතර එහිදී ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය බලෙන් ලබා ගත්තක් නොවන බවයි.
එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්කමින් ඔහුගේ ඉල්ලීමක් අනූව ලැබුණූ දෙයක් බව ද අලුත් පක්ෂ හෝ ආණ්ඩු හදන්නට කලින් රටට හොඳ ආණ්ඩුවක් අවශ්‍ය බවද එයට ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසී ය.

No comments:
Post a Comment