ගල්ගසා මරන්න හැදූ කත දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

ගල්ගසා මරන්න හැදූ කත දිවයිනට

සෞදියේදී ගල්ගසා මරාදැමීමට නියම වූ ශී‍්‍ර ලාංකික කාන්තාව ළඟදීම මෙරටට පැමිණෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඇයට මෙම දඬුවම හිමි වූයේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බවට එල්ල වූ චෝදනා මතයි. අදාළ සිද්ධියට ඇය වරදකාරිය බවට පත්වීමෙන් පසු ගල්ගසා මරාදැමීමට නියම වුණු අතර චෝදනාවට ලක් වූ තරුණයාට කස පහර සියයක් සෞදි අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

දැඩි ආන්දෝලනයකට තුඩුදුන් මෙම සිද්ධිය වාර්තාවීමත් සමග බොහෝ පිරිසක් අදාළ කාන්තාවට සහනයක් ලබා ගැනීම සඳහා මැදිහත් වුණා. රජයේ පාර්ශ්වයෙන් සිදු කෙරුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අදාළ කාන්තාවට ලබාදී තිබූ දඬුවම, වසර 4ක සිරදඬුවමක් බවට පත් කෙරුණා.

එම කාල වකවානුව වන විටත් ඇය සෞදියේ වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරදඬුවම් විඳිමින් සිිටියා. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ මේ වන විට ඇය වසර 3කට වැඩි කාලයක් සිරදඬුවම් විඳ ඇති බවයි. ඉකුත්දා පැවති සෞදි රජුගේ උපන් දිනය නිමිත්තෙන් සිරගතව සිිටි පිරිසකට නිදහස ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එම පිරිසට මෙම ශී‍්‍ර ලාංකික කාන්තාවද ඇතුළත්. එ් අනුව ඇයට ළඟඳිම දිවයිනට පැමිණිමට හැකිවනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය විශ්වාසය පළ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad