පසුගිය වසරේ දී ආණ්ඩු වෙනසක් වුවද පැවැති ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතියේ ආකෘතිය වෙනස් වී නොමැති බවට හොදම උදාහරණය ජාතික රූපවාහිනියේ අවුරුදු වැඩසටහනයි.
එය මුළුමනින්ම සම්ප්‍රදායි තවත් එක් වැඩ්සටහනක් විය. ප්‍රධාන කාර්යාලයේත් කුලියාපිටිය හිටපු නගර සභා සභාපතිගේ නිවෙසේත් ජනාධිපතිවරයාගේ නිවෙසේත් පැවැති අවුරුදු මගුල කෙහෙම්මලක් ලෙස පෙන්වීම හැර ජාතික යැයි කියා ගන්නා රූපවාහිනියට වෙනස් දේශපාලන සංස්කෘතියක ආකෘතියක් නොමැතිවිය.
1994 ආණ්ඩු මාරුවෙන් පසුව දේශපාලන ආකෘතියේ වෙනසක් ද පෙන්වූ බව කිව යුත්තේ සතුටකින්. එම ආණ්ඩු මාරුවෙන් පසුව ආ පළමු සිංහල/දෙමළ අවුරුදු දා ජාතික ගුවන්විදුලිය ගියේ යුද ගම්මානයන්හි ආන්තිකව දුක්විදින මිනිසුන් හා යුද සොල්දාදුවන් අවුරුදු සමරන හැටි රටට කියා දෙන්නටය. එම වැඩසටහන කළේ ප්‍රවිනයකු වන ලූෂන් බුලත්සිංහල ඇතුළු විරිසක් විසිනි.
එම වැඩසටහනත් සමග එම ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතියේ ආකෘතිය වෙනස් එකක් බව පෙන්වා දුනි.
අද ලූෂන්ලා නැත. සබන් බබ්බු පමණක් ඇත.
- පිලිප් ශාන්ත
Saturday, April 23, 2016
අවුරුදු උදාවෙන් රූපවාහිනියේ බංකොළොත් බව එළිවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment