දකුණෙන් ගිය බසයකට යාපනයේ දී ගල් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

දකුණෙන් ගිය බසයකට යාපනයේ දී ගල් ප්‍රහාරයක්

ගාල්ලෙන් ගිය බස් රථයකට යාපනය අරියාලේ ප‍්‍රදේශයේදී ඊයේ (22) අලුයම සිදුවූ පහරදීම සම්බන්ධයෙන් මේවන විට කතා බහට ලක්ව තිබෙනවා.

තිස් දෙනෙකුගෙන් යුත් නඩයක් යාපනයේ සංචාරය කිරීම සඳහා අදාළ බස් රථයෙන් ගොස් ඇති බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් පහරදීම සිදුවන අවස්ථාවේ ඔවුන් කිසිවෙකු බස් රථයේ රැඳීසිට නැහැ. ඒ වන විට ඔවුන් සිය නවාතැන්පොළේ රැඳීසිට ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. කෙසේ වෙතත්  ෆේස්බුක් හරහාද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පලවෙමින් පවතිනවා. 


එහි සඳහන් වෙන්නේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් බස් රථයට පහර දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බස් රථයකට ගල් ප්‍රහාර එල්ලවීම නිසා වීදුරු කැඩී ගොස් ඇති අතර පසුව එම බස් රථය සිය ගම්බ්ම් බලා පිටත්ව ගොස් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad