ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මීට සුළු මොහොතකට පෙර සිය පත්වීම් ලිපිය භාර ගෙන තිබේ.
පසුගිය 18 වැනිදා පස්වරුවේ රැස් වූ ව්‍යවස්ථා සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නම නිර්දේශ කර එම නිර්දේශය ජනාධිපතිවරයාට දන්වා තිබිණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් වූ ව්‍යවස්ථා සභාව බහුතර කැමැත්තෙන් මෙම තෝරා ගැනීම සිදු වූ අතර විනාඩි 45 ක් පමණ රැස්වීම පැවැත් විණි. එහිදී රැස් වූ ව්‍යවස්ථා සභාවට පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, එස්. එම්. වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න මහත්වරුන් තිදෙනාගේ නම් එවා තිබිණි.
ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් පූජිත් ජයසුන්දර මහතා නව පොලිස්පතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ. ව්‍යවස්ථා සභාව විසින් ගත් තීන්දුව එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතා විසින් සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

No comments:
Post a Comment