අගමැති හෙළිකරන ඉට්කා ගිවිසුමේ ඉරණම සහ ලංකාවේ තාක්ෂණයේ දියුණුව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

අගමැති හෙළිකරන ඉට්කා ගිවිසුමේ ඉරණම සහ ලංකාවේ තාක්ෂණයේ දියුණුව (VIDEO)

මෙම වසර මැදදී ඉට්‌කා ගිවිසුම අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මාර්තු 4 දා ඉන්දීය දූත පිරිසක්‌ මෙරටට පැමිණෙන බවද එහිදී ප්‍ර‍කාශ කෙරුණා.

එය හොර රහසේ සිදු නොකරන බවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුමට අදාළ අවසන් කෙටුම්පත සකස්‌ කරනුයේ මෙම සාකච්ඡාවෙන් පසුව බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉන්පසු ඒ පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කළ හැකි බවද පැවසූ අගමැතිවරයා මෙලෙස අදහස් දැක්වූවා.

"මම ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට කිව්වා මේ ගිවිසුම කෙටුම්පත් කරලා එහි පිටපත් මේ අයට ලබාදෙන්න කියලා. මේ ගැන සභාවේ වාද කළ යුතුයි. පාරේ නොවේ. සභාවේ වාද නොකර පාරට යනවා කියන්නේ සභාවට අගෞරව කිරීමක්‌. ආංශික අධීක්‍ෂණ කාරක සභා පත් කළාම මේ ගැනත් අදාළ කාරක සභාවේදී සාකච්ඡා කළ හැකියි"

එහිදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ ගිවිසුම පිළිබඳව ඇත්තේ හුඹස්‌ බියක්‌ නොවන බවයි.

"මලික් සමරවික්‍ර‍ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා සේවා ක්‍ෂේත්‍රයේ තොරතුරු තාක්‍ෂණය, නාවික ක්‍ෂේත්‍රය විවෘත කරන බවට පෙබරවාරි අග ගිවිසුම් රාමුව අත්සන් කරලා මැද වෙද්දී ගිවිසුම අවසන් කරනවා කිව්වා. එහෙනම් එය හුඹස්‌ බියක්‌ නොවේ".

එම අතුරු ප්‍ර‍ශ්ණයට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ ඕනෑම අයෙකුට ඇවිත් ලංකාවේ ව්‍යාපාර පටන් ගත හැකි බවත් ඔවුන්ට එම රටවල්වල මිනිසුන් ගෙන ඒමට නොහැකි බවයි.

"ඉන්දියාවේ තොරතුරු තාක්‍ෂණ පඩිය අපට වඩා වැඩියි. අපේ අය එතැනට ගියොත් අපට හිඟයක්‌ ඇතිවේවි. ආයෝජනයන්ට විවෘත කළත් නිදහසේ ඕනෑම කෙනෙකුට එන්න බෑ".

එම ගිවිසුමෙන් රැකියා සඳහා වෙනම විවෘත වීමක්‌ සිදු වන්නේද යන්න විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍ර‍ශ්ණ කළා. එම ප්‍ර‍ශ්ණයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වූවා.

"තාක්‍ෂණය කියන්නේ සේවාවක්‌. ඒක විවෘත කරනවා. ගිය සැරේ ඒවා වහලා තිබුණා. හුඟක් අයට එන්න ඉඩදුන්නේ නැහැ. සමහර ඒවා ඩොලර් මිලියන 5ක් දෙන්නම් කිව්වා දැන් මේ අපි කරන්නේ ඩොලර් මිලියන 5ක් ඉල්ලන් නැතුව. මේ පාරවල් හදන්න චීන ඉන්ජිනේරුවෝ කීයක් ආවද 1000ක් ආවද 2000ක් ආවද , අද විතරද මතක් වුණේ. අද හම්බන්තොට සුදු අලියෙක්‌. මේක ගෙනාවම අපි එය කොළ අලියෙක්‌ කරනවා".

මේ අතර ලංකාවේ තාක්ෂණයේ සොයාගැනීම් පිළිබඳව සැකසුම් වීඩියෝවක් පහතින් නරඹන්න..


 

No comments:

Post a Comment

Post Bottom Ad