ඉන්දියානු රජයේ අනුග්‍රහය සහිතව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.
2015 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලබා දුන් ප්‍රදානයන් යටතේ ආරම්භ කරන ගිලන් රථ සේවාවේ පළමු අදියර බස්නාහිර හා දකුණු පළාත්වලින් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා ගිලන් රථ 88 ක් ධාවනයේ යෙදවෙන බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ GVK EMRI නැමති ආයතනය මගින් මෙරට ගිලන් රථ සේවාව පවත්වාගෙන යන අතර ඉන්දියන් රජය රුපියල් කෝටි සීයක ප්‍රධානයක් මේ සඳහා ලබා දී තිබෙනවා.
මෙය විශේෂ ගිලන් රථ සේවාවක් වන අතර ගිලන් රථය එනතුරු යතුරුපැදියෙන් ගොස් උදව් දීම මෙහි මූලික අරමුණ බවයි අගමැතිවරයා ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
ඉන්දියාවේ මේ වන විට ක්‍රියාත්මක වන යතුරුපැදියෙන් ගොස් උදව් දීම හා සම්බන්ධ ඡායාරූප පහතින් දැක්වෙනවා.
Wednesday, February 24, 2016
ලංකාවේ ගෙදරටම එන්න හදන 'ඉන්දියාවේ' මෝටර් සයිකල් ගිලන් රථ මෙන්න (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment