'දැන් පොල් ගහන අය ඒ කාලේ මෛත්‍රී ලඟ අඬ අඬා හිටියේ' - සොයිසා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

'දැන් පොල් ගහන අය ඒ කාලේ මෛත්‍රී ලඟ අඬ අඬා හිටියේ' - සොයිසා (VIDEO)

වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා වටා සිටිමින් පොල් ගැසීමේ ව්‍යාපාරවල නිරත වන මැති ඇමතිවරු පසුගිය පාලන සමයේ දී, රාජපක්ෂ පාලනයට එරෙහි පියවරක් ගන්නැයි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නිරන්තරයෙන් ඉල්ලීම් කළ පිරිසක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) මොණරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. ඔවුන් එසේ සිදුකළ නමුත් තමා එකළ මහින්ද රාජපක්ෂ මහතාට අවංකව සිටි බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයා විනාශ කළේ ඔහුගේම පවුල විසින් බව යි.

ඕනෑම රාජපක්ෂ කෙනෙකු පැමිණ ලබන පළාත් පාලන මැතිවරණයේ බිබිළ ආසනය ජයග්‍රහණය කර පෙන්වන්නැයි මෙහි දී අමාත්‍යවරයා අභියෝගයක් ද කළේ ය.

වීඩියෝව පහතින්...


Posted by Lanka News Videos on Thursday, February 18, 2016

No comments:

Post a Comment

Post Bottom Ad