ලංකාව සහ ජර්මනිය අතර අවබෝධතා ගිවිසුම් 03 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ලංකාව සහ ජර්මනිය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සදහා අවබෝධතා ගිවිසුම් 03 කට ඊයේ (17) අත්සන් තැබිණි. 

දෙරට අතර සංස්කෘතික සබදතා හා අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබද ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමකට දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් තැබු අතර දෙරටේ අධ්‍යාපනය, භාෂාව, ගාන්ධර්ව විද්‍යාව, උරුමයන් හා කලා සංරක්ෂණය, උසස් අධ්‍යාපනය හා ක්‍රීඩා යන ක්ෂේත්‍රයන් මෙමගින් ආවරණය කෙරෙයි.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ජර්මන් ශාස්ත්‍රීය හුවමාරු සේවාව අතර ශාස්ත්‍රීය සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමකට ද දෙරටේ විදේශ අමාත්‍යවරු විසින් අත්සන් තැබීය.

දකුණු ආසියානු ආයතනයන් තුළ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයක් පිළිබද හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය සමග සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබූ අතර හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය බර්නහාර්ඩ් අයිට්ල් හා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාරත්න අමුණුගම යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad