දයාසිරිගෙන් ඉන්දියාවට කනේ පහරක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

දයාසිරිගෙන් ඉන්දියාවට කනේ පහරක් (VIDEO)

දයාසිරිගෙන් ඉන්දියාවට කනේ පහරක් (VIDEO)

ඉන්දියාව සිදුකළේ සෑම විටම ලංකාවත් සමග "ෆවුල් ගේම් ගැසීම" බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

එමෙන්ම පසුගිය දා අවසන් වූ ක්‍රිකට් තරගයේ දී ද "හොර අවුට්" ලබා දුන් බවත් ලංකාව පැරදුණා නොව ඉන්දියාව විසින් පැරැද්දවූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිමා වූ සාග් ක්‍රීඩා උ‍ළෙලේ දී ජයග්‍රහණ හිමිකරගත් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයකට එක්වෙමිනි.

මේ කුමක් සිදුවූවත් ඉන්දියාවට බිය වීමට සූදානම් නොමැති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ තවත් වසර කිහිපයක් ඇතුළත ඉන්දියාවට පාඩමක් ඉගැන්විය හැකි තැනකට ලංකාව ගෙන එන බව යි.

වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad