ඉරාන තානාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ඉරාන තානාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හමුවෙයි

ඉරාන තානාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා (His Excellency Mr. Mohammad Zaeri Amirani) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (18) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ නිළධාරී කර්නල් ඊබ්‍රාහිම් රොහානි මහතා ද (Colonel, Ebraim Rohani) සහභාග වී ඇත.

එහි දී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා වූ අතර ඉරානය හා ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කරන ලදී.

මෙම හමුව සිහිගැන්වීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා සමරු ඵලකයක් ද පිළිගැන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad