'මාව ලේසියෙන් එළවන්න බැහැ' - මහින්ද පක්ෂය ගැන කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

'මාව ලේසියෙන් එළවන්න බැහැ' - මහින්ද පක්ෂය ගැන කතා කරයි (VIDEO)

තමා මේ වනවිට දේශපාලන පක්ෂයක සිටින බවත් නිදහස් පක්ෂයෙන් නෙරපීමට උත්සාහ කළත් තමාව ලෙහෙසියෙන් එළවීමට නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන්කර සිටියේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා  අද (18) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ මේ වනවිට විපක්ෂයක් නොමැති බවත් මිනිසුන්ගේ මතය ඉදිරිපත් කිරීමට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යය නිසා එම ඉල්ලුම තමන් ඇතුළු පිරිස ඔස්සේ පෙන්නුම් කරන බවත් ය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තමාට පෙනෙන සංවර්ධනයක් නොමැති බවත් මේ වනවිට රජය ගොඩනඟන ගිවිසුම් අනාගත ව්‍යසනයකට රට ගෙනයනු ඇති බවත් ය.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad