ෆොන්සේකාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ෆොන්සේකාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම නීතිවිරෝධී බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ආචාර්ය පී. සර්වවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. 
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස එජාප මහ ලේකම් කබීර් හෂීම්, සරත් ෆොන්සේකා, මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තු මහලෙක්ම්, නීතිපති ඇතුළු 08 දෙනෙක් නම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad