රුවන්ගිගේ දෙතොල් සිප ගත් හැටි රන්ජන් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

රුවන්ගිගේ දෙතොල් සිප ගත් හැටි රන්ජන් කියයි (VIDEO)

ඉරාජ් වීරරත්නගේ ‘සිල් බිඳ ගත්තේ’ ගීතය නිසා ක්ෂේත්‍රයේ සිදු වෙච්ච නිර්මාණවල ඇති තවත් සිල් බිඳ ගැනීම් ගැන මාධ්‍යවල නිරන්තරයෙන් කතා බහ වෙන්න පටන් ගත්තා.

ඒ අතර රන්ජන් රාමනායකගේ සහ රුවංගි රත්නායකගේ සිප ගැනීමේ දර්ශනයක් නිසා එය උණුසුම් පුවතක් ලෙස පැතිරුනා. මේ ගැන රන්ජන් රාමනායක පවසන්නේ රුවංගි සිනමාවට ආපු ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේදීත් රුවංගිට කිස් එකක් දීලා තියෙනවා කියලයි.

“රංගන ශිල්පියෙක් විදියට අධ්‍යක්ෂවරයා කියන දේ අපිට කරන්න වෙනවා. නළලට හාද්දක් දෙන එකක් තියෙනවා. දෙතොල් සිප ගන්න කිට්ටු කරනවා විතරයි දෙන්නේ නැහැ. ඒ නිසා ඒක දරුණු කිස් එකක් නෙවෙයි. 

මම ‘බහුභාර්යා’, ‘දුවට මවක මිස’ වගේ චිත්‍රපටවල ලිප් කිස් දීලා තියෙනවා. ඒ නිසා වීඩියෝවේ දුන්න කිස් එක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි.” රන්ජන් ඒ ගැන කියන්නේ ඒ විදිහටයි.

එම ගීතයේ වීඩියෝව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad